Aragalaya - අරගලය
සමස්ථ සමජ ක්රමයම වෙනස් වියයුතු , කල යුතු කාල වකවානුවක ,පවතින ක්‍රමයේ ගොදුරක් නොවී සිටින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනව.
Thursday, November 15, 2012
Aragalaya - අරගලය: අවම සාධාරනත්වයක් රට තුල පවත්වා ගැනීමටනම්
Aragalaya - අරගලය: අවම සාධාරනත්වයක් රට තුල පවත්වා ගැනීමටනම්: අසාධාරනයට අයුක්තියට විරුද්ධ විම යනු තවත් පාර්ශවයකට පක්ෂවීම නොවේ. රට තුළින්ම නව නිවැරදි නායකත්වයන් නිර්මානය කරගැනීම අප මුහුනදෙන අභියෝගයයි....
Wednesday, August 15, 2012
මාස ගනනක් ගෙවී ගියත් .. පාලකයන්, බලධාරීන් මගහරිමින් සිටින ..ආචාර්ය වරුන්ගේ සටන ..පුරවැසි අපට මගහැරිය හැකිද ?
ආචාර්ය වරුන්ගේ සටන පඩිය උදෙසාමද ?
කථිකයන් - අතිපුජ්‍ය මදුළුවාවේ සොබිත හිමි, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ,ආචාර්ය නිමල් රන්ජිත් දේවසිරි,ආචාර්ය ජයම්පති වික්ක්‍රමරත්න,කේ.ඩ්බ්.ජනරන්ජන,
අගොස්තු 21 අගහරුවාදා - සවස 4.00 ට සමාජය හා සාමයික කේන්ද්‍රයට එන්න
(CSR). 281 ඩින්ස් පාර , කොළබ 10
*
"මෙය අරගලය යුතුකමක් ලෙස පලකරන ලද්දකි. අරගලයේ වගකීමක් නොමැත."
Monday, August 13, 2012
අවම සාධාරනත්වයක් රට තුල පවත්වා ගැනීමටනම්
අසාධාරනයට අයුක්තියට විරුද්ධ විම යනු තවත් පාර්ශවයකට පක්ෂවීම නොවේ. රට තුළින්ම නව නිවැරදි නායකත්වයන් නිර්මානය කරගැනීම අප මුහුනදෙන අභියෝගයයි. මෙම පාදඩ ක්‍රමයේ වර්ථමාන නියොජනය සහ ආරක්ෂකයා වන වර්ථමාන අන්ඩුවට, ඔවුන්ගේ විනශකාරී පාලනයට එරෙහිව යාම, එමගින් එල්ලකරන තෙරපුම මගින් විනශකාරී ක්‍රියාවන් අවම කරගැනීම අද දවසේ අත්‍යවශ්‍ය කරුනකි. සමස්ථ ක්‍රමය වෙනස් කරන සමාජ පරිවර්තනයක් සදහා පොදු ජන මනස නිර්මානය කරගන්නාතෙක් අවම සාධාරනත්වයක් රට තුල පවත්වා ගැනීමටනම් මෙම විනාශකාරී අන්ඩුවට විරුද්ධව නිරන්තර අරගලයක් සිදුවිය යුතුය- Aragalaya
අරගලයක අවශ්‍යතාවය සහ පරිසරය.
- 1977 පසු බලයට පත් වු කිසිම රජයක් නිවැරදිව ජනතා අභිලාශයන් හදුනාගෙන රට පලනය කලේ නැත. රජ්‍ය මර්ධනය , මහා පරිමාන දුශනයන් , ආර්ථිකය , අධ්‍යාපනය , සෞඛ්‍ය , පරිසරය සම්බන්ද අර්බුධයන් හැම රජයක් සමගම ජනතාවට තිබින. අදටත් එසේම පවතී. අර්බුදයන් එසේම පවතිත්දී රජයන් සහ නයකයන් වෙනස් විය.
- මිනිසුන්ගේ දැවෙන ගැටලු එසේම පවත්ත්දී , රටේ අර්බුධයන් මහ ව්‍යසනයක් බවට පත්වීම වැඩි ඇතක නැත. සියළු අපේක්ෂා බිදවැටීම , රජයන් හෝ දෙශපාලකයන් පිලිබද විශ්වාසයක් නොමැතිකම සහ සරලවම ගතහොත් හෙට දවස පිලිබදව ජනතාව තුල ඇති අවිනිශ්චිත බව රටේ හෙට දවස පිලිබද භයානක කම වැඩි කරයි.
- ඉහත තත්වයන් අවස්තාවාදී දේශපාලකයින් සහ ධනපති රජ්ය්‍ය විසින් ඔවුනට අවශ්‍ය පරිදි කළමනාකරනය කිරීමට පෙර අප විසින් ක්‍රියත්මක නොවුනහොත් 1971 නැතිනම් 1988,1989 වැනි අදුරු කාල වකවානුවක් රට තුල ඇතිවිමට ඉඩකඩක් පවතී.
- පවතින සමස්ථ ක්‍රමය වෙනස් කරන ප්‍රජාත්‍රන්ත්‍රවාදී බලවේගයක අවශ්‍යතාවය අප විසින් අවධාරනය කරන්නේ ඒ නිසාවෙනි. රජය විසින් මෙවැනි ප්‍රජාත්‍රන්ත්‍රවාදී අදහස් පවා මර්ධනය කරන්නේනම් එය සාමකාමී සහ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පුරවැසියන්ගේ අවසාන බලාපොරොත්තුවද බිද දැමීමක් වනු ඇත.
- සමාජ පරිවර්තනීය අවස්ථාවක් වුදෙසා කතිකාවතක් රට තුල නිර්මනය කිරීමේ ජාතික වගකිම ඉටුකිරීම සදහා අරගලය සමාජගත කිරීම සයිබර් අවකාශයේ සිට ආරම්භ වන්නේ පුරවැසියන්ගේ පීඩනය , ආවේගය දරාගැනිම සදහාත්, ඔවුන්ගේ අදහස් , අපේක්ශාවන් සහ යෝජනා රටේ දේශපාලනය තුල ඉදිරියට ගෙන එමත් සදහාය. මෙම ක්‍රියවලිය රටතුල කැරැල්ලකට , පිපිරීමකට තිබෙන ඉඩකඩ අඩුකරනවා මෙන්ම පුරවැසියගේ සැබැ අභිලාශයන් රටේ දේශපාලනය තුල ඉදිරියට ගෙන ඒමක්ද වනු ඇත.
Aragalaya
Subscribe to:
Posts (Atom)